(ක.ග.කරුණාරත්න)
ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් ප‍්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (23) පස්වරුවේ පොලොන්නරුව, කදුරුවෙල, ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 19 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලොන්නරුව පොලිසිය පැවැසීය.
තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝලට ඇතුළත් කර ඇත.ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
අනතුරට ලක්වූ බස්රථය පොලාන්නරුව නගරයට නුදුරුව පිහිටි ඇඟලුම් කම්හලේ සිට සේවය නිමාකළ සේවිකාවන් රැගෙන අරලගංවිල ප‍්‍රදේශයට යමින් සිටි බස් රථයක් බව පොලිසිය කියයි.
බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව තිබෙන බව පොලිසිය පැවැසීය.

