බස් අනතුරින් මිය අයගේ සිරුරු අද මිහිදන් කෙරේ


(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)

පස්සර මඩොල්සිම මාර්ගයේ මාලිගාතැන්නනේ දී  බස් රථය අනතුරට ලක්ව මිය ගිය 7 දෙනෙකුගේ සිරුරු අද (8) සවස මිහිදන් කරන බව පොලීසිය පවසයි.

බස් අනතුරින් මිය ගිය මුස්ලිම් කාන්තාවකගේ සිරුර ඊයේ (7) මිහිදන් කර තිබේ.

අනතුරින් මිය ගිය අයගේ සිරුරු තම නිවෙස් වලදී අද සවස ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව මිහිදන් කෙරෙන අතර එම අවමංගල්‍ය කටයුතු සඳහා ප්‍රදේශවාසීන්  හා රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් මේ වන විටත් එක්ව සිටිති.