( බුද්ධික කුමාරසිරි)
ඇහැලියගොඩ - ඉඩංගොඩ මාර්ගයේ නැදුරල හකුරුදොලකන්ද ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක ගැටීමෙන් අද(13) දහවල් සිදු වූ අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් 16 දෙනකු තුවාල ලබා ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.
තුවාලකරුවන් අතරින් බරපතල තත්වයේ පසුවූ බස් රථයේ රියදුරා ඇතුළු තිදෙනකු රත්නපුර මහ රෝහලටත් තවත් නව දෙනකු අවිස්සාවේල්ල මූලික රෝහලටත් මාරු කරනු ලැබ ඇති අතර ඇහැලියගොඩ සිට ඉඩංගොඩ දක්වා ගමන් ගත් බස් රථයේ එක්වරම තිරිංග අකී‍්‍රයය වීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.