(ඩී.කේ.රත්න)
වැල්ලවාය තණමල්විල මාර්ගයේ ලංගම බස් රථයක් සහ ත‍්‍රීරෝද රථයක් අද (10) දහවල් කුඩාඔය විද්‍යාලය ඉදිරිපිටදී එකිනෙක ගැටීමෙන් ත‍්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමේ පසු මොණරාගල සිරිගල මූලික රෝහල වෙත මාරු කර යවා ඇතයි කුඩාඔය පොලීසිය පවසයි.
මහනුවර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු මෙම අනතුරින් බරපතල තුවාල ලබා මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
බණ්ඩාරවෙල සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථය කුඩාඔය විද්‍යාලය ඉදිරිපිට නතර කළ අවස්ථාවේදී මාතර දෙසටම පිටුපසින් ධාවනය කළ තී‍්‍රරෝද රථයක් බස් රථයේ පිටුපසින් ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි කුඩාඔය පොලීසිය කියයි.
කුඩාඔය පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.