(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
යක්කලමුල්ලේදි පාර මාරුවෙමින් බස් රථයකට ඉදිරිපසින් ගොඩවීමට තැත් කල 72 හැවිරිදි පුද්ගලයෙක් අහංගම සිට මාකුඹුර බලා ධාවනවූ කොග්ගල ඩීපෝවට අයත් ලංගම බසයකට යටවීමෙන් අද (24) පස්වරුවේදී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයාගේ හිස මතින් බස් රථයේ වම්පස රෝදය ගොස් ඇති බව මූලික පරික්ෂණයේදි හෙලිවූ බවයි.
මෙසේ මියගොස් ඇත්තේ නාකියාදෙනිය, ජනපදයේ පදිංචිව සිටි පේමදාස එදිරිසිංහ නැමැති පුද්ගලයෙකි.
මෙම සිද්ධියට අදාල බස් රථයේ රියැදුරා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන අතර අදාල බස් රථයද පොලිසිය භාරයට ගෙන තිබේ.
මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ දැනට තබා ඇත.
යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

