(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට අද (08) අලුයම බස් රථයක ගැටීමෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ පදිංචි කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ සේවයේ නියුතු ඩබ්ලිව්.ජි.තිලකසිරි (32) අවිවාහක අයෙකු බව පොලිසිය කියයි.
කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ සිට නිවාඩු ලබා දඹුල්ලට පැමිණ අලුයම කාලයේ බස් නැවතුම් පොළේ සිට රත්මල්ගහඇල සිය ගමට පා ගමනින් යන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මුලතිව් සිට මහනුවර බලා ධාවනය වූ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස ප්‍රදේශයේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ෂක භටයා පොලිස් නිලධාරීන් විසින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
දඹුල්ල රෝහලේ ප්‍රතිකාර සිදු කරමින් තිබියදී අලුයම 5.30 ට පමණ බරපතළ තුවාල තත්ත්වයේ සිටි ඔහු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
රිය අනතුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේ දී පැවැත්වෙන අතර බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.