(එම් .සුසිල් ප්‍රියන්ත)
කොරෝනා අවදානම් කලාපයක් ලෙස බලපිටිය හදුනා ගැනීමත් සමගම සිය ආයතනයට අයත් ග්‍රාමීය බැංකු ශාඛා වැඩකරන සතියේ දින තුනක් පමණක් විවෘත කිරීමට අද (3) තීරණය කළ බව බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය කියයි.
සිය බල ප්‍රදේශයේ සංචරණ සීමාව අවම කිරීමේ අරමුණින් මේ පියවර ගත් බව බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ඩබ්ලිව්.කුසුම්සිරි ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව සිය ආයතනයට අයත් ග්‍රාමීය බැංකු ශාඛා හතම සදුදා,බදාදා හා සිකුරාදා පමණක් විවෘත කිරීමට පියවරගත් බව ද සිල්වා මහතා කීවේය.
අගහරුවාදා,බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා සිය ග්‍රාමීය බැංකු ශාඛා වසා දමන බවද ඔහු කීවේය.
බල ප්‍රදේශයේ කුමන බැංකු ශාඛාවක ගිණුමක් පැවතියද තමා දැනට පදිංචිව සිටින ලගම ග්‍රාමීය බැංකු ශාකාව විවෘතව පවතින දිනයකදි සිය ගනුදෙනු සිදු කර ගැනීමේ පහසුකම ද මේ සමග ලබා දුන් බවද සිල්වා මහතා කීවේය.