බලපත්‍ර රහිත ලී ඉරුම් පට්ටලයක සිටි තිදෙනෙකු අත්අඩංගුවට


(සමන් පාලිත නානායක්කාර)

කොස්ලන්ද මැදගොඩ නිකපිටිය ප්‍රදේශයේදී, බලපත්‍ර රහිතව ජංගම ලී ඉරුම් පට්ටලයක සිටි තිදෙනෙකු  ඉරන ලද දැව  තොගයක්  සමඟ සැකපිට  අද(16)  අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි.

සැකකරුවන් බුත්තල ප්‍රදේශයේ පදිංචි 31, 37 , 48  වයස්වල පසුවන්නන්ය.

එහිදී ජංගම ලී ඉරුම් යන්ත්‍රයක්,   ඉරූ  ලෑලි  80ක්,    චේන්සෝ කියතක් ඇතුළු  ඉරුම් උපකරණ   පොලිස් භාරයට ගෙන තිබේ.

ලී තොගයේ වටිනාකම තක්සේරු කිරීමට අඩවි  වන නිලධාරීන්ට  දන්වා තිබේ.

අදාළ නඩු භාණ්ඩ සමඟ සැකකරුවන් හෙට(17)  බණ්ඩාරවෙල   මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.