(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
බලපත්‍රයක් නොමැතිව විදේශීය මුදල් හුවමාරු කිරිම ළඟ තබා ගැනීම සහ දේශීය හා විදේශීය මත්පැන් සිගරට් වැඩි මිලට අලෙවි කළ පුද්ගලයකු මත්පැන් සිගරට් හා මුදල් නොට්ටු සමඟ අද (30) ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය පවසයි.
මෙම වැටලීමේ දී වැඩිමිලට අලෙවි කළ සිගරට් 3920ක‍්, විවිධ ප්‍රමාණයෙන් යුත් දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 128ක්, ඩොලර් 20,10,05, 02 ආදී මුදල් නොට්ටු 154ක් චීන, සිංගප්පුරු ඉන්දියානු මුදල් නොට්ටු තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් සිගරට් හා මුදල් නොට්ටුවල වටිනාකම රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වන බව පොලිසිය පවසයි.