බලන්ගොඩ රක්ෂිතයකට ගිනි තැබුවාට ලක්ෂ දෙකක දඩයක්


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)


බලන්ගොඩ  හාගල රක්ෂිතයට අනවරෙන් ඇතුළු  වීම,   ගින්දර රැගෙන යාම, රක්ෂිතයේ  කොටසක්  ගිනි  තබා  විනාශ  කිරීම  යන චෝදනා  යටතේ  වරදකරුවන්  වූ  පුද්ගලයන්  8දෙනෙකුට  එක් අයෙකුට රුපියල්  30,000 බැගින්  රුපියල්  224,000ක  දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ  මහෙස්ත්‍රාත් ජයරුවන්  දිසානායක මහතා අද (10)  නියෝග කළේය.

වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 8දෙනෙකුට මෙලෙස දඩ නියම විය.

ඊයේ (09) දා රාත්‍රියේ  සමනළ වැව පොලිසිය සහ බලන්ගොඩ අඩවිය නිලධාරීහු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ.