බලන්ගොඩ මූලික රෝහලේ 08 වාට්ටුවට ඇතුළුවීම පිටවීම තාවකාලිකව නතර කරයි



(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)

කුරුවිට බන්ධනාගාරයේ  රසායනාගාරයේ  සේවය කරන සේවකයකු  යතුරු පැදි  අනතුරකින්  සිදු වූ අතක ආබාධයක්  හේතුවෙන්  බලන්ගොඩ  මුලික  රෝහලේ   08වැනි වාට්ටුවට  ඇතුළත්  කිරීම නිසා අද (14)  බලන්ගොඩ මූලික රෝහලේ  08 වැනි වාට්ටුවට  රෝගීන්  ඇතුළත්  කිරිම සහ එයින්  සුවය ලැබු  රෝගින් පිටකිරීම තාවකාලිකව නතර කර ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය  පවසයි.

මොහු  සමග  කුරුවිට බන්ධනාගාරයේ  සේවය කරන  සේවකයින්  කිහිපදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට ඊයේ (13) රාත්‍රියේ  තහවුරු වීමත් සමග මෙම තීරණය  ගෙන ඇත.

මේ අතර  ඔහු  මේ වනවිට රෝහලේ වෙනම  වාට්ටුවටක රඳවා ඇති අතර පී.සී.ආර් පරීක්ෂණය අද (14) සිදු කිරිමට නියමිතව ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. ⁣08 වැනි වාට්ටුවේ  නේවාසිකව ප්‍රතිකාර ලබන  රෝගින් බැලීම සඳහාද  ජනතාවට  එයට  ඇතුළු  වීමට අවසර  නොදුන්  බව ජනතාව පැවසූහ.