(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
රට තුළ උද්ගතවි ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අද (27) දා සිට සතියක කාලයක් වෘත්තීය කටයුතු වලින් ඉවත් විමට තිරණය කළ බව බලන්ගොඩ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ දේශබන්දු සුරිය පටබැදී මහතා පවසයි.
බලන්ගොඩ නීතිඥ සංගමය අද (27) හදිසි රැස්විමක් කැඳවා මේ සතිය පමණක් තාවකාලිකව අධිකරණ කටයුතු වලින් වැළැකී සිටිම සදහා ඒකමතිකව තින්දුවක් ගත් බව ඒ මහතා කිය.
නීතිඥ සංගමයෙත්, විනිසුරු තුමාගේත්,අධිකරණය කාර්ය් මණ්ඩලයේ සහ අධිකරණයට පැමිණෙන ජනතාවගෙත් සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා බලා මෙම තිරණය ගත් බව දේශබන්දු සුරිය පටබැදී මහතා වැඩිදුරටත් පැවැසිය.