(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ බෝම්බුව ප්‍රදේශයේ නිවසක තිබී තරුණයකුගේ මළ සිරුරක් අද(07) සොයාගත් බව පොලිසිය කියයි.
එය බෝම්බුව ප්‍රදේශයේ ම පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් බව අනාවරණය වී තිබේ.
එම තරුණයාගේ මිත්තනියගේ නිවසේ සිරුර එල්ලෙමින් තිබූ බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

