(සම්පත් ප්‍රියනන්දන)
ඇඳිරිනීතිය තාවකාලික ඉවත් කරන හෙට (09) වැනිදා බලන්ගොඩ නගරයේ ඖෂධ අලෙවිසැල් ,අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙදසැල් ,මස් මාළු වෙළෙදසැල් ,එළවළු වෙළෙදසැල් හා ටයර් කඩ විවෘත කිරීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබිබැකඩුව මහතා අද (08 ) උපදෙස් ලබාදුන් බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමින විමලසේන මහතා පැවසීය.
වෙනත් කිසිම වෙළෙද ආයතනයක් විවෘත කිරීම සඳහා අවසර ලබා නොදෙන්නැයි ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දුන් බවද ඒ මහතා කීය.
එම නියෝග කඩ කරන වෙළෙඳ ආයතන වල හිමිකරුවන්ට එරෙහිව නිරෝධනය පනත අනුව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස පොලිසියට ඇතුළු අදාළ අංශ වලට ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.
සබරගමු පලාත් ආණ්ඩුකාර ටිකිරි බණ්ඩාර කොබිබැකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී අද (08) පැවැති සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.