බලංගොඩ අත්‍යවශ්‍ය වෙළෙඳසැල් පමණක් හෙට විවෘත කෙරේ


(සම්පත් ප්‍රියනන්දන)

පවතින අවදානම් තත්වය පිළිබඳ සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දින බලන්ගොඩ නගරයේ අත්‍යවශ්‍ය ආහාර අලෙවි කරන වෙළෙඳසැල් , ඖෂධ අලෙවිසල් හා ටයර්  කඩ පමණක් විවෘත කරන බවත් අනෙකුත් සියළුම  වෙළෙඳ ආයතන වසා දැමීමට තීරණය කර ඇති  බවත් බලන්ගොඩ  නගරසභාවේ සභාපති චාමික ජයමිණ විමලසේන මහතා පැවැසීය.

අත්‍යවශ්‍ය ආහාර වෙළෙඳසැල් ගණයට අයත් නොවන සියළුම වෙළෙද  ආයතන වසා දැමීමට දැනුම් දි ඇති බව සභාපතිවරයා කිය.

මස් , මාළු , එළවළු හා පළතුරු වෙළෙඳසැල් නගරයෙන්  පිට  පවත්වාගෙන යෑම සඳහා දැනුම් දී ඇති බවද ඒ මහතා පැවැසීය.

ජනතාව විශාල වශයෙන් නගරයට පැමිණීම හේතුවෙන්  මෙම තීරණය ගෙන තිබෙන බවද  හෙතෙම කීය. 

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට හැකිතරම් එම ප්‍රදේශවල ඇති වෙළෙඳසල් වලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගන්නා   ලෙස දැනුම් දෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම කොන්දේසි කඩ කරන වෙළෙන්දන්ට එරෙහිව රෝග නිරෝධායන පනත යටතේ නීතිමය  පියවර ගැනීමට  කටයුතු කරන බවද සභාපති චාමික ජයමින විමලසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.