(රංජිත් රාජපක්ෂ )
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙකු අද (19) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.
තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ තේ වත්තේ පහළ කොටසේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි බඹරුන් වතු කම්කරුවන්ට පහර දි ඇති බව තලවකැලේ පොලිසිය කියයි.
රෝහල්ගත කළ වතු කම්කරුවන් තිදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර , බඹරු ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරුවන් දෙදෙනෙක් පමණක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ලිදුලි රෝහලේ වෛද්‍යවරයකු කියා සිටියේය.