බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10 ක් රෝහලේ


(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, වටගොඩ වත්තේ පහළ කොටසේ වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබු පුද්ගලයන් 10 දෙදෙනකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට අද (23) ඇතුළත් කරනු ලැබීය.

උකුස්සෙකු බඹර කූඩුවකට ඇණිමෙන් එම බඹර කූඩුව වත්තේ තේ දළු නෙලමින් සිටි පිරිසක් මතට කඩා වැටීමෙන් මෙසේ බඹරුන් වතු කම්කරුවන්ට ඇන ඇතැයි වතු කම්කරුවෝ කියති.

තුවාල ලැබුවන්ගෙන්හත් දෙනෙකු කාන්තාවන් වන අතර තිදෙනෙකු පිරිමි පුද්ගලයන් වේ.

බඹරුන් ඇනීමෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයන්ගෙන් දෙදෙනෙකු බඹර ප්‍රහාරට ලක්වූ පිරිස බේරා ගැනීමට ගිය දෙදෙනෙකු බව තලවකැලේ පොලීසිය කියයි.