(රංජිත් රාජපක්ෂ)
තේ දලු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 10 දෙනෙකු අද (30) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ ඉහළ කොටසේ විශාල ගලක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී බඹරු ඇන ඇති බව නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියාය.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ තේ වතු ආශ්‍රිත බඹර කුඩු විශාල සංඛ්‍යාවක් බැද ඇති බවත්, සුළු ශබ්දයකදී පවා බඹරුන් ඇවිස්සී බඹරු ඇනින බව කාන්තාවෝ පවසති.

