(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය කුඩා කිවුල ප්‍රදේශයේදී අද(15) බඹරු ඇනීමෙන් තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කිරීමෙන් පසු එයින් එක් අයකු මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ආණමඩුව කොට්ටුකච්චිය කැකුරහාන පදිංචි දෙදරු පියකු වු එන්.එම්.ටිකිරි බණ්ඩා නැමැති 65 හැවිරිදි අයෙකි. එම තැනැත්තා මාළු වෙළඳාමේ යෙදෙන්නෙකි.
මොහු කොට්ටුකච්චිය ජලාශයේ ධීවරයින්ගෙන් මසුන් ලබා ගෙන කුඩා කිවුල ප්‍රදේශයේ මසුන් අලෙවි කරමින් සිටියදී, විශාල තේක්ක ගසක බැඳ තිබු බඹර වදය ඇවිස්සී බඹරුන් ඇනීමෙන් අසළ තිබු වලකට වැටී ඇති බව ප්‍රදේවාසීහු කියති.
අසල්වාසීන් මෙම තැනැත්තා බේරා ගැනීමට උත්සහයක් කරනවිට ඔවුන්ට ද බඹරු ඇන ඇතැයි පොලිසිය කියයි.
ඔහු සහ තුවාල ලැබූ සෙසු 5දෙනා කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහලටත් ඉන්පසු පුත්තලම මුලික රෝහලටත් ඇතුලත් කර ඇත. බරපතල තත්වයේ සිටි මාළු වෙළඳාම් කරන්නා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගොස් ඇති බව පුත්තලම රෝහලේ ප්‍රකාශකයෙක් කියාසිටී.
(මිය ගිය එන්.එම්.ටිකිරි බණ්ඩා මහතා)