( ඩී.කේ.රත්න )
හපුතලේ තංගමලේ වතුයායේ ගල්ලැයිම කොටසේ දලූ නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට අද (07) දහවල් 11.00 ට පමණ බඹරු ඇනීම නිසා වතුකම්කරුවන් විසි දෙදෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් හපුතලේ සහ දියතලාව රෝහල්වලට ඇතුළු කර ඇතයි හපුතලේ පොලීසිය පවසයි.
මෙම බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් විසිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් හපුතලේ සහ දියතලාව රෝහල්වලට ඇතුළු කර ඇත.
මෙම කම්කරු පිරිස වතුයායේ දලූ නෙලමින් සිටියදී වතුයායේ ගසක බැද තිබූ බඹරයක් එක්වරම ඇවිස්සී මෙම පිරිසට එලව එලවා පහරදී ඇතයි වතු කම්කරුවෝ පවසති.