බඳින තුවක්කුවක් පත්තු වී අයෙක් රෝහලේ


(ඩී.කේ.රත්න)

කුඩාඔය ඇතිලිවැව ගල්පොත්තආර ප්‍රදේශයේදී වෙඩි වැදුණු පුද්ගලයකු බරපතල තුවාල ලබා අද (13) තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට මාරුකර යවා ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

මොහු තම එළගවයින් බැලීමට නිවස ආසන්නයේ දී පිහිටි කැළෑවට යාමේදී නිවසේ සිට මීටර් 700 ක් පමණ දුරකින් කෑලෑ ප්‍රදේශයේ දී බදින තුවක්කුවක් පත්තුවීමෙන් මෙසේ බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවේ ඇතිලිවැව ගල්පොත්තආර පදිංචි වයස අවුරුදු 39 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.