(පාලිත ආරියවංශ)
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බදුල්ල පොලිසිය අද (29) එම නිවස අසළ පිහිටි සොහොන්බිමක තිබී පිහියක් , කතුරක් , වෙලුම්පටියක් සහ මත්පැන් බෝතලයක් සහිත බෑගයක් සොයාගෙන තිබේ.
පොලිසිය විසින් සොයාගන්නා ලද පිහියේ ලේ තැවරී තිබූ බවත් අනෙකුත් භාණ්ඩ ඝාතනය සිදුකළ සැකකරුට අයත් ඒවා බවත් පොලිසිය පැවසීය.
සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ නඩරාජ් ගෞරිදේවි නමැති 48 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කීය.

