(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බදුල්ල නගරයේ දී අද (23) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.
සමෘද්ධි නිලධාරීන් සඳහා විධිමත් පත්වීම් ලිපි ලබා නොදීම, සමෘද්ධි නිලධාරීනීගේ විශ්‍රාමික වැටුප් හිමිකම තහවුරු නොකිරීම, කාර්යාල දීමනා හා අනත්දරු දීමනා ආදියෙහි පැවති ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලමින් මොවුන් විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව උද්ඝෝෂණය කළහ.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමය, සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය, සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරී සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්කරු සංගමය මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
බදුල්ල ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසළ විරෝධතාව ආරම්භ කර පාගමනකින් බදුල්ල නගරය හරහා ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණි පිරිස අනතුරුව මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණයේ නිරත වූහ. පොලිස් ආරක්ෂාව ද තර කර තිබිණි.