( ප්‍රසන්න පත්මසිරි)
ඇදිරි නීතිය පවතින කාල සීමාව තුළ බදුල්ල මහ රෝහලේ රෝහල් කාර්ය්‍ය මණ්ඩල ප්‍රවාහනය කිරීමට ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ වලට අයත් වාහන ලබාදුන් බව පළාත් ප්‍රධාන ලේකම් පි.බී විජයරත්න මහතා පැවසීය.
මහ රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සෙසු කාර්ය්‍ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම සදහා පළාත් සභාවට අයත් බස් රථ හා වැන් රථ දහයක් පමණ ලබා දී තිබේ.