(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ලුණුගල, ඇල්ල, හාලි-ඇල, බදුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, සොරණාතොට, ඌව පරණගම, වැලිමඩ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර තිබූ නායයාමේ අවදානමේ දෙවන අදියරේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාමේ අවදානමක් ඇති ලෙස පූර්වයෙන් හඳුනාගෙන ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් දැනුවත්ව විමසිල්ලෙන් සිට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්ව යාමට සූදානමින් සිටින ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
නායයාම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් කාලසීමාව තුළ පොළොවේ ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැළුම් ගොඩනැගිලි බිත්තිවල සිදුවන පිපුරුම් ජලය උල්පත් මතුවීම, ක්‍රමයෙන් ගස් ඇලවීම වැනි පරිසරයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව සැලකිල්ල දක්වා වහාම ඉවත් විය යුතු බවත් ජනතාවගේ, දුවා දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන්ගේ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි .

