එෆ්.අස්ලම්
බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ පදිංචි අති දුෂ්කර ජීවිතයක් ගෙවන දිළිදු පවුල් 75ක් වෙනුවෙන් දෙසතිය කාලයකට ප්‍රමාණවත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය වියළි ආහාර ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාව අද(2) ඉදිරිපත් විය.
බදුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම සංගමයේ වියදමින් මෙම සහන සලසා දුන් බව එම සංගමය පවසයි.
මෙම කාර්ය සදහා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මාසයක වැටුපක් මුළුමනින්ම වෙන්කර දීමටද කටයුතු කළ අතර ඉතිරි මුදල් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය විසින් දරනු ලැබීය.
බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ හදුනාගත් අති දුෂ්කර පවුල් 75ක් කිසිදු උපකාරයක් නොමැතිව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්ව සිටින බවට සහ ඔවුන්ගේ ආදායම් මාර්ග මුළුමනින්ම බිදවැටී ඇති බවට වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය දැනුවත් කර තිබිණි.
බදුල්ල ප්‍රාදේශීය ලේකම්,සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛා ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අතින් සහන ලබා ගත්හ.