බදුල්ලේ නීතිඥවරු විවෘත අධිකරණයේ කටයුතුවලින් ඉවත්වෙති


පාලිත ආරියවංශ

කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වලට සහභාගිවීමෙන් වැළැකීසිටීමට බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා පැවසීය .

විනිසුරුවන්ගේ , අධිකරණ කාර්යමණ්ඩලවල , නීතිවේදීන්ගේ හා අධිකරණ වලට පැමිණෙන මහජනතාවගේත් සෞඛ්‍යයට එල්ල වී තිබෙන අවධානම පිළිබදව ගැඹුරින් සාකච්චාකර මේ තීරණයට එළැඹි බවද සිල්වා මහතා සදහන් කළේය .