බදුල්ලේ අධිකරණ කටයුතු 6 දා සිට


(පාලිත ආරියවංශ)

බදුල්ල අධිකරණ සංකීර්ණයේ අධිකරණ වල,කම්කරු විනිශ්චය සභාවේ,  විවෘත අධිකරණ කටයුතු හෙට (6 වනදා සිට) සාමාන්‍ය පරිදි සිදුවන බව  අධිකරණ ප්‍රකාශකයෙක් පැවසීය.

කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයන් බවට හදුනාගෙන පී. සී. ආර්. පරීක්ෂණ සඳහා  යොමුකළ බදුල්ල මහාධිකරණයේ කාර්යමණ්ඩලටය අයත් තිදෙනාම ආසාධිතයන් නොවන බව සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වලදී තහවුරු වීම නිසා මෙම තීරණය ගෙන ඇත.

අධිකරණ කටයුත්තක් සදහා  බදුල්ල මහාධිකරණයට පැමිණි  රහස්පොලිසියේ නිලධාරියෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බව  අනාවරණය වීමෙන් පසු  මෙම අධිකරණවල කටයුතු ඉකුත් 3 වනදා සිට  අත්හිටුවනු  ලැබ තිබිණි.