බදුල්ල මහා නගරසභාවේ අය වැය පරදී


(පාලිත ආරියවංශ)
 
බදුල්ල මහා නගර සභාවේ  2021  වර්ෂය සදහා වන අය වැය වැඩි ඡන්ද 9  කින් පරාජයට පත්විය.
 
නගරාධිපති  ප්‍රියන්ත අමරසිරි මහතා අද (1) අය වැය ඉදිරිපත් කළේය.පැය 5 ක ට අධික කාලයක්  විවාද පැවත්විණි.විපක්ෂව ඡන්ද 17 ක්ද , පක්ෂව ඡන්ද 8 ක්ද ලැබිණි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නියෝජ්‍ය නගරාධිපති  හා මන්ත්‍රීවරු 4  දෙනා,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු  9 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 3 දෙනා  අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්ච කළහ. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති සහ මන්ත්‍රීවරු  7දෙනා  පක්ෂව ඡන්දය දුන්හ.
 
මීට පෙර   බදුල්ල මහ  නගර සභාවේ  ඉකුත් වසර 2 ක  අය වැය පරාජයට පත්ව තිබේ.