(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් බදුල්ල මහ විදුහලේ සිසු සිසුවියන් 350ක් පමණ විශ්වවිද්‍යාල වරම් ලබාතිබෙන බව විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතා පැවසීය.
2019 වසරේදි විභාගයට සිසු සිසුවියන් 1145 දෙනෙකු ඉදිරිපත් වු අතර එයින් ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයෙන් පළමු දසදෙනාගෙන් හත්දෙනෙකු, ගණිත විෂයෙන් දසදෙනාගෙන් පස්දෙනකුත්, කලා අංශයෙන් දසදෙනාගෙන් සිව් දෙනෙකුත්, කලා අංශයෙන් පස්වැනියාත් බදුල්ල මහ විදුහලෙන් බිහිවි තිබෙන බව විදුහල්පතිවරයා පවසයි.
ගණිත විෂයෙන් දිවයිනේ දෙවන ස්ථානයත්, දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් පාසලේ ඉගෙනුම ලැබු ඩී.එම් උවිදු ප්‍රවීන් සුමනසේකර ශිෂ්‍යයා හිමිකරගෙන තිබෙන බවත් වසර ගණනාවකට පසු බදුල්ල මහ විදුහලට අති විශීෂ්ඨ විභාග ජයක් ලබාගත් බවද විදුහල්පති ඒ.ජේ.එම්.එස්.පි ජයසිංහ මහතා සඳහන් කළේය.


