(එෆ්.අස්ලම්)
බදුල්ල ලංගම ඩිපෝවේ කාර්මික අංගනයේ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි ඩිපෝවේ සේවකයින් හත් දෙනෙකු බදුල්ල පොලිසිය විසින් අද (02) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ කාර්මික අංශයේ සේවකයින් බව පොලිසිය සඳහන් කරයි.
තොරතුරකට අනුව මෙම වැටලීම බදුල්ල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද රාත්‍රී 8.00 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.
කාර්මික අංගනයේ බූරු ගසමින් සිටි පුද්ගලයින් හත් දෙනා බූරු ගැසූ ස්ථානයේදීම කොටුකර ගත් පොලිස් නිලධාරීන් බූරු පොලේ සංසරණය වූ මුදල් ද පොලිසිය භාරයටගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

