බද්දේගම අධිකරණවල වැඩ නවතන්නේ නැහැ



(හේමපාල ලියනගේ)
 
බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව බද්දේගම  නීතිඥ සංගමයේ වැඩබලන සභාපති නීතිඥ වීරසිරි ඩයස් මහතා පැවසීය.
 
නීතිඥ මහත්ම මහත්මීන්  විශේෂ රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
 
අධිකරණ කොමිෂන් සභාව හෝ නීතිඥ සංගමය තීරණයක් ගනු ලැබුවහොත් පමණක් මෙම තීරණය වෙනස්වනු ඇති බවත්, එතෙක් තම සේවා දායකයන් වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීම සිදුකරනු ලබන බවත් ඒ මහතා පැවසීය.