සමන් පාලිත නානායක්කාර
තැනින් තැන එළවළු විකුණූ ගොවීහු අද 15 දහවල් වන විට බණ්ඩාරවෙල තොග පොල භූමියට පැමිණ යළිත් වෙළඳාම ආරම්භ කළහ.
රටේ පවතින වාතාවරණය අනුව පසුගියදා බණ්ඩාරවෙල තොග පොල සම්පූර්ණයෙන් වසා දැමීය .
එළවළු මිල ඉතා පහත මට්ටමක පවතින බව ගොවීහු පවසති.
තැනින් තැන එළවළු අලෙවි කිරීමට තබා ගැනීම නිසා වෙළෙඳුන් , ව්‍යාපාරිකයන් අඩුවීමෙන් එළවළු වලට හොඳ මිලක් නොලැබෙන බැවින් තොග පොළට පැමිණ නිෂ්පාදන අලෙවි කර ගැනීමට ඉඩ දුන් බව බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිසාන්ත රත්නායක මහතා පැවසීය.