බණ්ඩාරනායක ප්‍රජා සත්කාර වැඩසටහන ඉරිදා


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි සිසුන් සංවිධානය කරන ප්‍රජා සත්කාරක වැඩසටහන  ඉරිදා (06) විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

‘සයානු වසරක සිංහාවලෝකනය : බණ්ඩාරනායකයේ අපි සහෝදරත්වයේ අත්වැල‘ මැයෙන් විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මහපෙන්වීම යටතේ පැවැත්වෙන මේ වැඩසටහනේ දී බණ්ඩාරනායක ස්වර්ණ පුත්‍ර සම්මානය පිරිනැමීම, බටහිර හා දේශීය වෛද්‍ය සායන, පශු වෛද්‍ය සායන, වෛද්‍ය විද්‍යා ප්‍රදර්ශන, ලේ දන්දීමේ කඳවුරු, බදු , ගිණුම් කටයුතු හා නීති උපදේශන සේවා, රැකියා වෙළඳ පොළ  හා අධ්‍යාපන වෘත්තිය පුහුණු වැඩසටහන් ඇතුළු ප්‍රජා සත්කාරක සේවා රැසක් පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.

 විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු ද වන ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ   මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.