(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඇඳීරි නීතිය හේතුවෙන් එළවලු මිලදී ගැනීමට නොහැකි පිරිස් සඳහා රුපියල් 300 ක් වැනි සහන මිලකට හෙට දින සිට එළවලු මල්ලක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට නිවස අසලටම ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරන බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය.
බී ලූණූ කිලෝවක් , වට්ටක්කා කිලෝවක් , බතල කිලෝවක් , මාලු මිරිස් ග්‍රෑම් 500, බීට් රූට් ග්‍රෑම් 500g සහ දෙහි මෙම එළවලු මල්ලේ අඩංගු වනබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
0382256000 , 0382290975 , 0712392220 , 0715970718 , 0719814297 , මෙම දුරකතන අංක අමතා අවශ්‍යතාවය දැනුවත් කරන ලෙස සභාපතිවරයා වැඩි දුරටත් දන්වා සිටී.