බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 2019 අයවැය වැඩි ඡන්ද නවයකින් සම්මත වූ බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වර්ණා කේ. පෙරේරා මහත්මිය පැවසුවාය.
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නලපිටිබද්ද උප කාර්යාල රැස්වීම් ශාලාවේදී මෙය පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 17දෙනෙක්, ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විපක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්දය ප්‍රකාශ කළහ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ඉමිතියාස් මොහොමඩ් මහතා විදේශ ගතවී සිටියේය.