(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාවේ මීට පෙර ආසාදිත අයකුගේ පවුලේ පස් දෙනෙකුට සහ ආසාදිතයා පිවිසි වෙලදසැලේ හිමිකරු ඇතුළු හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් එම ආසාදිතයන්ගේ ආශ්‍රිත පවුල් 32 ක් සහ පාසල් සිසු සිසුවියන් 11 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව බොගවාන වතුයායට අයත් ලින්ස්ටඩ් වතු යායේ පහල කොටසේ එකම පවුලේ පස් දෙනෙකුට සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (01) දින පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.
බම්බලපිටිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට තම නිවසට පැමිණ සිටි 42 හැවිරිදි පෙර අසාදිතයාගේ එකම පවුලේ පියා (75) , මව (64) , බිරිද (34) , දුව (13) , පුතා (09) යන අයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් , පෙර අසාදිතයා බගවන්තලාව නගරයේ වෙලදසැලකට පිවිස ආහාර ද්‍රව්‍යය මිල දි ගත් එම වතු යායේම පදිංචි 41 හැවිරිදි එම වෙලදසැලේ හිමිකරුටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.
එම ව්‍යාපාරිකයාගේ පවුලේ 6 දෙනෙකු තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර , බගවන්තලාව බස් නැවතුම්පොලේ පිහිටි එම වෙලදසැලද වසා දමා එම වෙලදසැලේ සේවකයින්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමටද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේය.
බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු (01) දින හමුවිමත් සමග එම වතු යායේ පහල කොටස් දෛනික කටයුතු (01) දින තාවකලිකව නතර කර එම කොටසේ වතු නිවාස සියල්ල විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කර ඇති බව බොගවාන වතුයායේ වතු අධිකාරි නලින්ද අල්විස් මහතා පැවසිය.