(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසූහ.
බගවන්තලාව ලිනිස්ටඩ් වත්තේ පහල කොටසේ එකම පවුලේ පස් දෙනෙකු සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම අසාදිතයන් හය දෙනා ඊයේ (01) දින රාත්‍රියේ හම්බන්තොට සහ මාතර කමුරුගමුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට කටයුතු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂක පැවසිය.
අසාදිතයන් පදිංචි නිවාස වලට ආසන්නයේම පවුල් 32 කට අයත් සමාජිකයන් 120 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර එම පවුල් 32 පදිංචි වතු නිවාස කොටස (01) දින රාත්‍රියේ සිටම හුදකලා කල බවත් ,එම පවුල් වල සමාජිකයන්ගේ පි.සි.ආර් පරික්ෂණය (02) දින සිදු කල බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සඳහන් කළහ.