(ජේ.කේ.එල් චාමින්ද)
මාතර සිට කොළඹට ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට ගොඩවු පිරිසක් එම බසයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
අට දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම හික්කඩුව බස්නැවතුම්පොළේ දී මෙකී පෞද්ගලික බස් රථයට ගොඩ වී ඇත.
බස් රථයට ගොඩ වු මෙම කණ්ඩායම බසය හික්කඩුව පොලිසිය පසුකර කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී බසයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට පහරදී ඇති බව හික්කඩුව පොලිසිය කියයි.
මෙම අවස්ථාවේ බසයේ මගින් ද සිට ඇති අතර පසුව මෙම පිරිස බසයෙන් බැස ගාල්ල බලා ධාවනය වෙමින් තිබු වෙනත් බස් රථයකට ගොඩවී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව බස් රථ රියදුරු හා කොන්දොස්තරවරයා මෙකී පහරදිම සම්බන්ධව හික්කඩුව පොලිසියට පැමිණිලි කර ඇත. මගින් පටවා ගැනිමේ දී කෙටි දුර ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇති ප්‍රශ්නයක් මත මෙම පහරදිම සිදුවී ඇති බවට සැක කරන අතර පහරකෑමට ලක්වු බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා වැලිගම හා අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.