(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වසංගත තත්වයක් පැවතියද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පෞද්ගලික තේ කම්හල් 600 ක පමණ මේ වනවිට තේ නිෂ්පාදන කටයුතු කරගෙන යන බව පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම වික්‍රමසිංහ මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් උපදෙස් හා නීතිමාලාවන්ට අනුකූලව තේ කම්හල්වල කටයුතු කරගෙන යන බව පවසන තේ කම්හල් හිමියන්ගේ සභාපතිවරයා පවතින තත්වය යටතේ සේවකයින් සීමාකර කම්හල්වල කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
තේ වෙන්දෙසිය ප්‍රමාදවීම හේතුවෙන් තේ කම්හල්වලට තේ දළු සපයන දළු හිමියන්ට අලුත් අවුරුද්දට මුදල් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තේ මණ්ඩලය මගින් ලබාදුන් බවද පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
මෙවර තේ වෙන්දෙසිය ඩිජිටල් ක්‍රමය යටතේ පැවැත්වු බවත් තේ කිලෝවක මිල පසුගිය වෙන්දෙසියට වඩා රුපියල් 80කින් පමණ වැඩිවි ඇති බවද සදහන් කළේය.