පෝදා අරක්කු - කසිප්පු අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට


(සමන් පාලිත නානායක්කාර)

දුරුතු පොහෝ දා බලපත්‍ර රහිතව රජයේ අරක්කු අලෙවි කළ පුද්ගලයකු සහ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලිසිය කියයි.

බණ්ඩාරවෙල ඇල්ල තොට ගරාජයක් තුළ අරක්කු තබාගෙන සිටි පුද්ගලයකු අරක්කු බෝතල් 24 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොහෝ දා මත්පැන් අලෙවි සැල් වසා තැබීම හේතුවෙන් වැඩි මිලට විකිණීම සඳහා මෙම මත්පැන් තොගය ගබඩා කරගෙන තිබේ.

බණ්ඩාරවෙල ජලාශ කන්දේ නිවසක නීතිවිරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අදාල භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 

එහිදී නීති විරෝධී කසිප්පු බෝතල් 10 ක් සහ බැරල් , දඟර සහ ගැළුම් ඇතුළු පෙරන උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.