(ඩී.ජී.සුගතපාල)
පෝද්දල මිනීමරුම් නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.ඒස්.නිස්සංක මහතා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත්වීමෙන් අද (3) විත්තිකරුවන් 7 දෙනාම නිදොස් කොට නිදහස් කළේය.
පෝද්දල පොලිස් වසමේ පහළ කීඹියදී 2016 ජූනි 6 වැනිදා කිඹිය ලියනගේ ප්‍රසන්න යන අයට තුවාල සිදු කිරිම, පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්වීම, එකී වේලාවේදීම ප්‍රසන්න යන අයගේ මරණය සිදුකිරීම යන අධි චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව ගාලු මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
මියගිය අය තවත් අයකු සමඟ යතුරුපැදියෙන් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදිවලින් පැමිණි විත්තිකරුවන් තියුණු ආයුධවලින් කපා මෙම මිනීමැරුම කර ඇති බවත් මියගිය අයද නඩු කිහියකම විත්තිකරුවකු බවත් පැමිණිලිකරු කියා සිටියේය.