(ක.ගකරුණාරත්න )
පොලොන්නරුව පරාක‍්‍රමසමුද්‍රය යටතේ ඉදිරි යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම අප්‍රේල් මස 10 දින සිට ආරම්භ කිරීමට අද(30) පැවැති කන්න රැස්වීමේදී තීරණය විය.
පොලොන්නරුව අතිරේක දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වනසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී මේ රැස්වීම පැවැත්විණි.
කෘෂිකර්ම,වාරිමාර්ග,ගොවිජන සේවා,ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහ ගොවි සංවිධාන නියෝජිතයෝ ඊට සහභාගී වූහ.
තද වියළි කාලගුණයක් පැවැතියද අක්කර අඩි 1,10000 ක් ඉක්මවන ඉතාමත් සතුටුදායක ජල මට්ටමක් මේ වනවිට පරාක‍්‍රම සමුද්‍රයේ පවතින බව වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.
එම ජලය ප‍්‍රයෝජනයට ගෙන එලවලූ සහ අතිරේක භෝග වර්ග හැකි පමණ වගා කිරීමටද ගොවිජනතාව උනන්දු කරන ලෙස අදාල නිලධාරීන්ගෙන් සහ ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයා එහිදී ඉල්ලා සිටියේය.
පරාක‍්‍රමසමුද්‍රයේ ජලයෙන් පෝෂණය වන කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර 25,000ක් පමණවේ.