(ක.ග.කරුණාරත්න)
මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ වෙසෙන පුද්ගලයෝ 8123 දෙනෙකු පානීය ජල හිඟයෙන් පීඩා විඳන බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
දිඹුලාගල, තමන්කඩුව, ල.කාපුර සහ ඇලහැර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ග‍්‍රාම නිලධාරී වසම් 14 ක් තුල වෙසෙන පවුල් 1943 කට මේ පිරිස අයත් වෙති.
පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතාගේ උපදෙස් පරිදි මේ ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදා දීමට පියවර ගෙන ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කලේය.
ඒ අනුව පානීය ජල හිඟය පවතින ගම්මාන සඳහා දැනට දිනකට ජලය ලීටර් 10,000කට වැඩි ප‍්‍රමාණයක් බෙදාහරින බවද ඒ මහතා කීය.