(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වන අයවැය අද (02) ඒකමතිකව සම්මත විය.
නගරාධිපති එල්.ජී.චානක සිදත් රණසිංහ මහතා අද පෙරවරුවේ අයවැය ඉදිරිපත් කලේය.
නියෝජ්‍ය නගරාධිපති .රංජිත් ගම්ලත් මහතා විසින් අයවැය යෝජනාව ස්ථිර කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 05 දෙනෙක් ,ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බැගින් හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු වශයෙන් මන්ත්‍රීවරු 11දෙනෙකුගෙන් පොලොන්නරුව මහ නගර සභාවේ මන්ත්‍රී මණ්ඩලය සමන්විතය.
පොලොන්නරුව මහ නගර සභාවේ සභා ගර්භයේදී මෙම රැස්වීම පැවැත්විණි.