(තරංග ගුණරත්න)
ව්‍යාපාරිකයකු සතු රුපියල් ලක්ෂ දොළහක මුදලක් වැලිගමදී අද අලුයම පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
දෙණිපිටිය කඩපොල පැවැත්වෙන දිනයක් බැවින් අද බණ්ඩාරගම සිට ලොරි රථයක එළවළු රැගෙන විත් වැලිගම දෙණිපිටිය කඩ පොල අසලට පැමිණ තම ලොරි රථය නවතා කඩපොල සිට මිටර් තුන්සියක් පමණ දුරින් පිහිටි තම නිවසට පයින් ගමන් කරමින් සිටියදි මුදල් පැහැර ගැනීම සිදුව ඇත.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනකු ව්‍යාපාරිකයා පරික්ෂා කිරිමට යැයි පවසා මුදල් පැහැරගෙන ඇත. මෙම මංකොල්ල කරුවන් ආරක්ෂක අංශ භාවිතා කරන නිල ඇදුම්වලට සමාන ඇදුම් ඇඳ සිටි බව ද පැමිණිල්ලේ දැක්වේ.