(ක.ග කරුණාරත්න සහ ඩබ්ලිව්.ඒ.පියතිලක)
පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියෝ පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (21) පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
හෙද සේවාවට සිදු කරන අසාධාරණකම් වහා නතර කරන ලෙසත්, සේවා උසස්වීම් වලට අදාළ කාල සීමාවන් අඩුකරන ලෙසත් හෙද කළමනාකරණ සේවා ස්ථාපිත කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
සමස්ත ලංකා හෙද සංගමය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.