පොලිස් නිලධාරියෙකු හප්පා ත්‍රීරෝද රථ රියදුරු පලායයි


(ඩී.කේ.රත්න)

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු බිබිල කොටගම මංසන්දියේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකු හප්පා අද (17) පලා ගොස් ඇතැයි බිබිල පොලිසිය පවසයි.

ලුණුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු තම යතුරු පැදියෙන් සේවය නිමකර සිය නිවසට යමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත.

මෙම අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි.

පොලිස් නිලධාරියා අනතුරට ලක්කර පලාගිය ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා බිබිල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.