පොරොවකින් පහර දී පළා ගිය අය පොලිසියට බාරවෙයි


(දියතලාව - ඩී.කේ.රත්න)

තණමල්විල පොලිස් වසමට අයත් මහවැව ගල්කොටුකන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොරවකින් පහරදී මරාදමා පලාගොස් සිටි එම සැකකරු අද (09දා) තණමල්විල පොලීසියට බාරවී ඇතයි තණමල්විල පොලීසිය පවසයි.

සෙවනගල කිරිවැව නුගේගලයාය පදිංචි වෙළදසැලක් හා මුදල් පොලියට දෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය  ඩී.එම්.සිසිර කුමාර නැමති වයස අවුරුදු තිස්අටක පුද්ගලයකු මෙම මරණය සම්බන්ධයෙන් මෙසේ තණමල්විල පොලීසියට බාරවී ඇත.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තණමල්විල පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.