චමිල් රූපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාර්ගයේ අල්විස් වටරවුම අසල දී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනකු එහි දිය පොකුණේ ගැටී අද (20) අලුයම මිය ගිය බව පේරාදෙණිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිළිමතලාව කිරිවවුලේ පදිංචි ප්‍රසන්න කැලුම් (36) හා තම මිතුරා වු අජිත් කුමාර (36) නම් විවාහකයෙකි.
අද (20) අලුයම 1.00 ට පමණ මෙම තරුණයන් දෙදෙනා ගැටඹේ ඇසල මේලා සැණකෙළිය නරඹා තම මිතුරෙකු හමුවීම සඳහා පේරාදෙණිය සිට පේරාදෙණිය විශ්ව විද්‍යාල මාර්ගයේ හිදගල දෙසට ගමන් ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
යතුරුපැදිය එහි ඇති දිය පොකුණේ පැති බැම්මේ වැදී තරුණයන් දෙදෙනා දිය පොකුණට වැටී ඇත.
එහි සිටි පිරිස් විසින් තරුණයන් දෙදෙනා රෝහල් ගත කිරිමට පෙර ද මියගොස් සිටි බව ඔවුහු පවසති.
පිළිමතලාව කිරිවවුල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් දෙදෙනා පාසල් වියේ සිටම එකට පාසල් අධ්‍යාපනය ලබා ඇති බවත් සියලු කටයුතු දෙදෙනාම එකට කිරිමේ පුරුද්දක් ඇති බව ගම්මු කියති.
මේ වන විට මෘත ශරීර දෙක පේරාදෙණිය මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.